යකඩ ඌනතා රක්තහීනතාවය ඇතිවන්නේ සිරුරේ යකඩ ප්‍රමාණය අඩු වීම නිසාය. මෙය බොහෝවිට රුධිර හානියක් නිසා හෝ ගර්භනී තත්ත්වය නිසා ඇතිවිය හැකිය. එයට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කරන යකඩ පෙති ලබා ගැනීම හෝ යකඩ බහුලව අඩංගු ආහාර ලබා ගැනීම සිදුකරයි.
රෝගලක්ෂණ ලෙස:
යකඩ ඌනතා රක්තහීනතාවයේ සුලබව දක්නට නොලැබෙන රෝගලක්ෂණ - ඔබගේ රෝග තත්ත්වය එතරම් බරපතල නොවේ නම්: ඔබට යකඩ ඌනතා රක්තහීනතාවයේ රෝගලක්ෂණ පවතී නම් වෛද්‍යවරයෙකු මුණගැසෙන්න. කුඩා රුධිර පරීක්ෂාවක් කිරීම මගින් ඔබට රක්තහීනතාවය ඇත්දැයි තහවුරු කර ගත හැකිය.
යකඩ ඌනතා රක්තහීනතාවය සඳහා රුධිර පරීක්ෂා- ඔබගේ වෛද්‍යවරයා විසින් සාමාන්‍යයෙන් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (full blood count test/FBC) නිර්දේශ කරනු ඇත. මෙමගින් ඔබගේ රතු රුධිර සෛල සංඛ්‍යාව (red blood cell count) සාමාන්‍ය මට්ටමේ පවතී දැයි පරීක්ෂා කර බලනු ඇත.
මෙම පරීක්ෂාව සඳහා පෙරසූදානම් වීමක් අවශ්‍ය නැත.
යකඩ ඌනතා රක්තහීනතාවය, රක්තහීනතා ආකාර වල සුලබම ආකාරය වේ. රුධිර පරීක්ෂාව මගින්, විටමින් B12 සහ ෆෝලේට් ඌනතා රක්තහීනතාවය වැනි අනෙකුත් ආකාර ද පරීක්ෂා කරනු ඇත.
ඔබගේ රක්තහීනතා තත්ත්වය ඇතිවූ හේතුව සොයාගත් පසුව,(උදාහරණයක් ලෙස, තුවාලයක් නිසා හෝ අදික ඔසප් වීම නිසා) ඔබගේ වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර නිර්දේශ කරනු ඇත.
ඔබගේ රතු රුධිර සෛල ප්‍රමාණය අඩු බව රුධිර පරීක්ෂාව මගින් සොයාගතහොත්, ඔබගේ සිරුරේ අඩුවූ යකඩ ප්‍රමාණය නැවත ස්ථාපනය කිරීම සඳහා ඔබට යකඩ පෙති නිර්දේශ කරනු ඇත.
එම නිර්දේශිත පෙති, ඔබට ඔසුසැල් වලින් සහ සුපිරි වෙලදසැල් වලින් මිලදී ගත හැකි අතිරේක වලට වඩා ප්‍රබල වේ.
ඔබට ඒවා මාස හයක් වැනි කාලයක් පුරාවට ලබා ගැනීමට සිදු වනු ඇත. එම ඖෂධ ලබා ගැනීමෙන් පසුව දොඩම් යුෂ පානය කිරීම මගින්, ඔබේ සිරුරට එම යකඩ අවශෝෂණය කර ගැනීමට පහසු කරවනු ඇත.
සමහර පුද්ගලයන්ට පහත සඳහන් අතුරු ප්‍රතිඵල ඇති විය හැකිය:
ආහාර ගන්නා අතර හෝ ආහාර ගත් වහාම එම පෙති ලබා ගැනීමෙන් අතුරු ප්‍රතිඵල ඇති වීමේ අවදානම අවම කරගත හැකිය.
ඔබට අතුරු ප්‍රතිඵල ඇතිවූවද, එම පෙති දිගටම ලබාගැනීම වැදගත්ය.
වැදගත්-යකඩ පෙති කුඩා දරුවන් ගෙන් ඈත් කර තබන්න. යකඩ අධිමාත්‍රාවෙන් ශරීරගත වීම කුඩා දරුවෙකුට මාරාන්තික විය හැකිය. ඔබගේ වෛද්‍යවරයා විසින්, ඊලඟ මාස කිහිපය පුරාවට නැවත නැවතත් රුධිර පරීක්ෂා සිදු කර, ඔබගේ සිරුරේ යකඩ ප්‍රමාණය සාමාන්‍ය අගයට පැමිණඇතිදැයි පරීක්ෂා කරනු ඇත.
ඔබගේ යකඩ ඌනතා රක්තහීනතා තත්ත්වය ඇතිවීම කෙරෙහි ඔබගේ ආහාර රටාවේද යම් දායකත්වයක් ඇත්නම්, ඔබගේ වෛද්‍යවරයා විසින් යකඩ බහුලව අඩංගු ආහාර ඔබට පැවසූ පසු, ඔබට එම ආහාර වැඩිපුර ලබාගත හැකිය.
පහත ආහාර පාන වැඩිපුර ලබාගන්න:
පහත ආහාර අවම කරන්න:
මෙවැනි ආහාර පාන අධිකව ගැනීම මගින් ඔබගේ ශරීරයට යකඩ අවශෝෂනය වීම අපහසු කරනු ඇත.
යකඩ ඌනතා රක්තහීනතාවයට හේතූන්- ඔබ ගර්භනී තත්වයේ නම්, බොහෝවිට ආහාර වේලේ ප්‍රමාණවත් ලෙස යකඩ අඩංගු නොවීම නිසා ඔබට යකඩ ඌනතා රක්තහීනතාවය ඇතිවිය හැකිය.
අධික ඔසප් වීම සහ ගර්භනීභාවය යකඩ ඌනතා රක්තහීනතාවයේ සුලබ හේතු වේ. අධික ඔසප් වීමට ඖෂධ මගින් ප්‍රතිකාර කල හැකිය.
පිරිමි අයට සහ ආර්තවහරණයට පත්වූ කාන්තාවන් ට යකඩ ඌනතා රක්තහීනතාවය ඇතිවීම, ආමාශයේ හෝ අතුනුබහන් වලින් රුධිර හානියක් සිදුවන බවට ලක්ෂණයක් විය හැකිය. එය පහත හේතු නිසා සිදුවිය හැකිය:
රුධිර හානි සිදුවිය හැකි අනෙක් තත්ව හෝ ක්‍රියා මගින් යකඩ ඌනතා රක්තහීනතාවය ඇති විය හැකිය.
ප්‍රතිකාර නොකල යකඩ ඌනතා රක්තහීනතා තත්ත්වය: